What is FOSS?

අපි නොදන්න FOSS කිව්වට නිදහස් හා විවෘර්ත මෘදුකාංග (Free and Open Source Software) පිළිබදව ගොඩක් දෙනා දන්නවා. නමුත් තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාව තුල පරිගණක භාවිතය වැඩි වීමත් සමග වාණිජ මෘදුකාංග වල ව්‍යාජ පිටපත් හාවිතය අපි කාටත් අත් දකින්නට ලැබෙන සුලභ කරුණකි.

මුල් කාලයේදී අප රටේ පරිගණක අපරාධ සම්භන්දයෙන් බලාත්මක නීතියක් නොතිබුණු අතර 2007 දී පරිගණක අපරාධ පිළිබද පණත බලාත්මක කිරීමත් සමග පරිගණක ආශිත ක්‍රියාකාරකම් සාධනීය ලක්ෂණ ඉස්මතු විය.ඒ අනුව වාණිජ මෘදුකාංග වල ව්‍යාජ පිටපත් අලවිය තහනම් කරන ලදි. ඒ හේතුවෙන් රු.80 ට හොර සොෆ්ට්වෙයා CD ගැනීමට පුරුදු වී සිටි අපට එයින් මිදීමට සිදු විය. පරිගණක තුල ව්‍යාජ මෘදුකාංග භාවිතය නැවැත්වීමට තරම් වර්තමාන නීතිය ප්‍රමාණවත් නොවූවද එසේ හොර මෘදුකාංග භාවිතය තුලින් අපට සිදු වන තරමක් සිදු වන්නේ හානිදායක දේවල්ය.එවැනි හානි දායක දේවල් වලින් වැලකීමට අපිට සාර්ථකව නිදහස් හා විවෘත මෘදුකාංග භාවිත කල හැකිය.

ගොඩ දෙනෙකු සිතන්නේ නොමිලේ දෙන සෑම මෘදුකාංගයක්ම නිදහස් හා විවෘර්ත මෘදුකාංග කියාය.ඒ ආකාරයට බැලූ කල නොමිලේ ලැබෙන Adobe Acrobat Reader ද FOSS වේ.නමුත් ඒ අදහස වැරදිය. FOSS වලදී මෘදුකාංගය පමණක් නොව එය නිපදවීමට හාවිත කල කේත සටහන (Source Code) ද නිදහස් කරයි. එමගින් ඕනෑම කෙනෙකුට FOSS මෘදුකාංගය තමන්ට ගැලපෙන අයුරින් වෙනස්කර භාවිත කිරීමට හා තවදුරත් දියුණු කිරීමේ හැකියාව ලැබේ.නමුත් අධික මුදලක් වියදම් කර මිලදී ගන්නා මිලදී ගන්නා කිසිම වාණිජ මෘදුකාංගයක මෙවැනි නිදහසක් ලැබෙන්නේ නැත.

රු.20000 කට අධික මුදලක් ගෙවා (ගොඩක් අය නම් රු.80 ට හරි යාලුවෙක්ගෙන්) ලබාගන්නා වින්ඩෝස් (Windows) මෙහෙයුම් පද්ධතිය වෙනුවට ඒ සමානවම අවශ්‍යතා සපුරන අංග සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් අපිට නොමිලේම ලබා ගන්නට පුලුවන්. මෙම මෙහෙයුම් පද්ධති ලිනක්ස් කනලය මූලික කර ගත් ඒවා වන අතර පරිගණකයේ කිසිදු වෙනසක් නොකර අත්හදා බැලීමට හැකි වන අයුරින් (Live CD) මේ සෑම මෙහෙයුම් පද්ධතියක්ම සකස් කර තිබේ.

මුල් වරට භාවිත කරන්නෙකුට Ubuntu ,Fedora වැනි ජනප්‍රිය භාවිතයට් පහසු ලිනක්ස් ඩිස්ට්‍රෝ එකක් භාවිතයට ගත හැකි වන අතර ලාංකිකයන් සදහාම නිපදවූ හන්තාන ලිනක්ස් නම් Fedora මත පදනම් වූ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් මෙන්ම Ubuntu මත පදනම් වූ ලංකනෙට් ලිනක්ස් නම් මෙහෙයුම් පද්ධතියක් ද ඇත.
නොමිලේම ලබා ගත හැකි මෙම මෙහෙයුම් පද්දති වල වයිරස් ආසාදන නොමැතිවීම සාධනීය කරුණකි. මෙවැනි ලිනක්ස් මෙහෙයුම් පද්ධති තුල එදිනෙදා වැඩකටයුතු කර ගැනීමට අවශ්‍ය වන සියලුම මෘදුකාංග අන්තර්ගත වන අතර අන්තර්ජාල සබදතාවක් තිබීම තුලින් වැඩිමනත් අවශ්‍යතා සපුරා ගත හැක.

මෙහෙයුම් පද්ධතිය ලෙස වින්ඩෝස් (Windos) පාවිච්චි කලත් ඉතිරි අවශ්‍යතා සදහා විවෘර්ත හා නිදහස් මෘදුකාංග වලින් ලැබෙන්නේ මහගු පිටිවහලකි.ඒ පිළිබද තොරතුරු ඉදිරි ලිපියෙන්.

වින්ඩෝස් සදහා FOSS ලිපිය මෙතනින් කියවන්න.

Comments

  1. වැදගත් ලිපියක්

    ReplyDelete
  2. මම හිතන්නේ හුගක් කට්ටිය ෆොස් කෙරෙහි නැබුරු නොවෙන්න හේතු තුනක් තියෙනවා.1.ෆොස් මෘදුකාංග පිලිබද නොදැනුවත් කම2.ෆොස් මෘදුකාංග කෙරෙහි ඇති අඩු අත්දැකීම3.වානිජ මෘදුකාංගහි ඇති සිත් ඇද ගන්නා සුලු පෙනිම සහ HCI Concepts ෆොස් මෘදුකාංගවල අඩු වීම.

    ReplyDelete
  3. ස්තූතියි මල්ලියා කරුනූ ටිකට.. අපි වගේ අයට ඔය වගේ දේවල් සෑහෙන්න වටිනවා...

    ReplyDelete
  4. Dreamweaver,photoshop වගෙ එවා උබුන්ටු වල භාවිතා කරන්න පුලුවන්ද?නැතිනම් ඒවාට ආදේශක තියනවද?

    ReplyDelete
  5. හසිත මල්ලියා අලුත් ඈඳුම ලස්සනයි. අනේ මට තේරෙන්නෙම නැති subject එකක් තමයි FOSS ගියොත් අතරමං වෙයිද කියල හිතෙනව........

    ReplyDelete
  6. @සම්පත් සඳරුවන්ඔයාට photoshop සදහා භාවිතා කරන්න පුලුවන් හොදම මෘදුකාංගය තමයි GimpPhoto ඒක මේ ලින්ක් එකෙන් (http://www.gimphoto.com) ලබා ගන්න පුලුවන්. ඒ වගෙම Dreamweaver සදහා විකල්ප මෘදුකාංගයක් මේ ලින්ක් එකෙන් ගන්න පුලුවන්(http://alternativeto.net/desktop/adobe-dreamweaver/?profile=windows&platform=windows)

    ReplyDelete
  7. මල්ලි, ඒ විතරක් නෙමෙයි ..උබුන්ටු ස්ටුඩියෝ 10.04 [ Ubuntu Studio 10.04] කියල වැඩක් නෑ ... මරුම මරු ...දැන්ම දාගෙන බලන්නකෝ ..!!කෝ අර සීඩී එක ආවද ??

    ReplyDelete
  8. තාම ආවෙ නෑනෙ....මං මේ එනකන් බලන් ඉන්නෙ.....සී.ඩී. එක ආව ගමන් දාල බලන්නංකො

    ReplyDelete
  9. මම නම් mac os x . user friendly os වලින්, මම හිතන්නේ හොදම mac . මම madriwa , ubuntu දෙකම පාවිච්චි කරා අව්රුද්දක් විතර, windows use කරා 486 ms dos වල ඉදන් , නමුත් mac 1k තරම් fit වෙලා නැ.

    ReplyDelete
  10. ඔව් මැක් හොද යූසර් ෆෙන්ඩ්ලි ඕ.එස්. එකක් තමයි. ඒත් සහෝ.. මන් අදුරන ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ වින්ඩෝස්. ගොඩක් අය ජෙනුයින් ඕ.එසුත් නෙමෙයි. එහෙම බැලුවම ලිනක්ස් බේසික් ඕ.එස්. එකක් පාවිච්චි කරන එක ඒ අයට ගොඩක් වැදගත්නෙ

    ReplyDelete
  11. බොහොම ස්තූතී මචං.... මම ෆොස් වලට අලුත්... මේ ලිපිය මට ගොඩක් වටිනව... මෙක කියෙව්වම ෆොස් වලට ආසාව වැඩි උනා.... ;)

    ReplyDelete
  12. <<<<<<මට හිතෙන හැටියට >>>>>>>>සම්පත් සඳරුවන් >> කර්නලය මත Dreamweaver,photoshop මෘදුකාංග ධාවනයට අපට Wine නම් මෘදුකාංගය උපකාරී වේ.@ all who are on ජනෙල් >> UBUNTU/KUBUNTU මත බොහෝ Sowtware අන්තර්ගත කර ඇති අතර අවශ්‍ය අමතර Software එකක් Internal Repositories මගින් පහසුවෙන් download කල හැක. <<<<<<මට හිතෙන හැටියට >>>>>>>>

    ReplyDelete
  13. නියමයි.. හොද ලිපියක්, සුභ පතනවා
    open source softwares download කරන්න අඩවියක් මම Google search වලින් හොයා ගත්තා www.oss.web2011.info

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

උසස් පෙළට ICT කිරීම හා කැම්පස් යාම

Android පිස්සුව සහ තවත් Phone කතා

අපිත් දැන් ෆුල් නිදහස්