FOSS for windows

Foss for Windowsවර්ථමානයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය හා දැනට වැඩිපුරම භාවිත කරන වාණිජ මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස්(Windows) මෙහෙයුම් පද්ධතිය සදහා භාවිත කල හැකි නිදහස් හා විවෘත මෘදුකාංග ඉතා විශාල සංඛ්‍යාවක් තිබුණත් ගොඩ දෙනෙක් තාමත් පාවිච්චි කරන්නෙ ව්‍යාජ මෘදුකාංග පිටපත්(Software Pirate Copies).

නමුත් මේ වෙනුවට කිසිදු මුදලක් වියදන් නොකර ඉතා ඉහල මට්ටමේ විවෘත මෘදුකාංග(Open Source Software) පිටපත් නොමිලයේම භාවිතා කරන්න පුලුවන්.

වින්ඩෝස් මෙහෙයුම්පද්ධතිය සමග භාවිත ක්‍රන්න පුලුවන් මෙවනි මදුකාංග විශාල ප්‍රමාණයක් තිබුනත් මෙතනදි කියන්න යන්නෙ සාමාන්‍ය භාවිතයට අවශ්‍යකරන වාණිජ මෘදුකාංග වෙනුවට භාවිත කළ හැකි නිදහස් හා විවෘත මෘදුකාංග කීපයක් පමණයි. නමුත් ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන පරිදි නිදහස් හා විවෘත මෘදුකාංග ලබාගන්න පුලුවන්.

මෙහෙයුම් පද්ධතියකට පසුව ඉතා විශාල මුදලක් වියදම් වන මයික්‍රෝසොෆ්ට් ඔෆීස් පැකේජය (MS Office) වැනි ඔෆීස් පැකේජ වෙනුවට භාවිත කල හැකි ඉතා සාර්ථක මෙන්ම හොදම විකල්පය වන්නේ Open Office.org පැකේජයයි. Microsoft Office මගින් කළ හැකි සෑම දෙයක්ම මෙතුලින්ද ඉතා පහසුවෙන් නිර්මාණය කර ගන්න පුලුවන් වගේම ලාංකිකයන් සදහාම මෙහි සිංහල අතුරු මුහුණත දැනටමත් නිර්මාණය කර අවසන්.

ඒ වගේම ඡායාරූප සංස්කරණ කටයුතු සදහා නිතරම භාවිත කරන ඇඩොබි පොටෝෂොප් පැකේජය(Adobe Photoshop) වෙනුවට Gimphoto සහ Gimpshop භාවිතයට ගන්න පුලුවන්.

වෙක්ටර් ග්‍රැපික්ස් වර්ගයේ නිර්මාණ කරන අය නිතරම පාවිච්චි කරන ඇඩෝබි ෆී හෑන්ඩ්, ඉලස්ට්‍රේටර්, කොරල්ඩ්රෝ වගේ මිළ අදික මෘදුකාංග වෙනුවට Inkscape පහසුවෙන්ම යොදා ගන්න පුලුවන්.

ඇඩෝබි පේජ්මේකර්, ඉන්ඩිසයින් සහ ක්වාක් එක්ස්ප්‍රස් වැනි මෘදුකාංග වලින් කරන්නාක් මෙන් පිටු සැකසීමේ කටයුතු කරන්න Scribus අනගි නිදහස් හා විවෘත මෘදුකාංගයක්.

තිමාණ සජීවීකරණය කල හැකි 3D Max, Maya වැනි මෘදුකාංග තරම් නොවුනත් මෘදුකාංගය මගින් සාර්ථකව ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණය කරන්න පුලුවන්.

වින්ඩෝස් වල තියෙන ලොකුම අවුලනෙ Virus කරදරේ. ඉතින් ඒකටත් ඕපන්සෝස් ඇන්ටිවයිරස් මෘදුකාංග තියෙනව.
Clamwin ඊට හොදම උදාහරණයක්. (ඒත් මම නන් පුද්ගලිකව කැමති Avast වලට :D)

CD හෝ DVD බර්න්(Burn) කිරීමට යොදා ගන්නා වාණිජ මෘදුකාංග වෙනුවට ඒ සමානව මෙහෙයක් ඉටුකරන ආකර්ශනීය ඕපන් සෝස් බර්නින් මෘදුකාංගයක් විදියට Infra Racedor මෘදකාංගය හැදින්වන්න පුලුවන්. නොමිලේ හම්බුනත් වානිජ මෘදුකාංගයකින් කරගන්න වැඩ බොහොමයක් මෙමගින්ද කරගන්න පුලුවන්.

ඒ වගේම අනර්ඝ ඕපන්සෝස් මීඩියා ප්ලේයරක් විදියට V.L.C. Media Player එකත් ගන්න පුලුවන්. මෙයට විශාල ඕඩියෝ සහ වීඩියෝ ෆෝමැට්(Audio and Video Format) සංඛ්‍යාවක් ප්ලේ(Play) කිරීමේ හැකියාවක් තියෙනව.

මේ වගේ Windows OS එක සදහා තියෙනව තව ගොඩක් නිදහස් හා විවෘත මෘදුකාංග alternativeto.net යන වෙබ් අඩවිය භාවිතා කරල හොයා ගන්න පුලුවන්. මේකෙදි වාණිජ මෘදුකාංගයේ නම ලබා දීල සෙවුමක් කලාම ඒ වෙනුවට භාවිතා කරන්න පුලුවන් ඕපන්සෝස් මෘදුකාංග රාශියක් ඉදිරිපත් කරනව. ඒවලින් කැමති ඕනෑම මෘදුකාංගයක් බාගත(Download) කර ගැනීම තුලින් එය කැමති විදියට භාවිතා කිරීමේ හැකියාව ලබාගන්න පුලුවන්.

Comments

  1. තොරතුරු ටික නම් ගොඩක් වටිනවා !! දිගටම ලියන්න , ජය !!

    ReplyDelete
  2. විඑල්සී මීඩියා ප්ලේයර් ගැන විතරයි දන්නේ අනේ.....

    ReplyDelete
  3. @හිඟන්නාබොහොම ස්තූතියි @wathඉතින් අක්කෙ දැන් දන්නවනෙ

    ReplyDelete
  4. මමත් දාගත්තා එත් නෙට් යන්න බැහැනේ.....ඩොන්ගල් එක වැඩකර්න්නෙ නැහැනේ........

    ReplyDelete
  5. @ඉලංදාරියාමේකෙ තියෙන විදියට කරල බලන්න...ගොඩක් ඩොන්ගල් ඔය විදියට වැඩ කරයිhttp://blog.sanjaya.me/2010/05/05/how-to-install-huawei-e-1550-modem-in-ubuntu-10-04/

    ReplyDelete
  6. එලකිරි මචං....බොහොම වටිනා තොරතුරු ටිකක්... ස්තුතී.... :)

    ReplyDelete
  7. @Udara ඇල්විස්බොහොම ස්තූතියි

    ReplyDelete
  8. නියමයි යාලුවා
    මෙන්න තව වෙබ් එකක්
    www.oss.web2011.info

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

උසස් පෙළට ICT කිරීම හා කැම්පස් යාම

Android පිස්සුව සහ තවත් Phone කතා

අපිත් දැන් ෆුල් නිදහස්