උසස් පෙළට ICT කිරීම හා කැම්පස් යාම

2009 වසරෙ ඉදල උසස් පෙළ විශය නිර්දේශය සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ශණය (Information and Communication Technology) ප්‍රධාන විශයක් විදියට හදුන්වල දීල තිබුනත් ඒ සදහා ඉදිරිපත් වන සිසුන් සංඛ්‍යාව නම් ප්‍රමාණාත්මකව පහල අගයකයි තියෙන්නෙ. මේකට ප්‍රධාන වශයෙන්ම සිසුන් මෙවැනි විශයක් ගැන දැනුවත් නොවීමත්, විශය සදහා සිසුන් ඉදිරිපත් කිරීමට පාසල් වල ඇති අකමැත්තත් (සිසුන්ගේ ලකුණු අඩුවේයැයි යන මතය) මූලිකව බල පානව.

නමුත් තොරතුරු තාක්ශණය ඕනෑම විශය සංකලනයක් සමග හැදෑරිය හැකි නම්‍යශීලී විශයක් වගේම ගණිත හෝ වාණිජ අංශයෙන් හැදෑරීම මගින් විශ්ව විද්‍යාල පාථමාලා රාශියක් විවර වෙලා තිබුනත් ගොඩ දෙනෙකුට තියෙන මූලිකම ගැටලුවක් තමයි තොරතුරු තාක්ශණය හැදෑරීම මගින් තමන්ට අනාගතයේ මොනවගේ විශ්වවිද්‍යාල පාථමාලා හදාරන්න පුලුවන් වෙයිද කියන එක. නමුත් මුලින්ම කියන්න ඕන දෙයක් තමයි ගණිත අංශයෙන් රසායන විද්‍යාව වෙනුවට තොරතුරු තාක්ශණය කරල රජයේ විශ්වවිද්‍යාලයකින් ඉන්ජිනේරු පාඨමාලා නම් හදාරන්න බැහැයි කියල. මොකද රජයේ විශ්වවිද්‍යාලයකින්(නොමිලයේ) ඉන්ජිනේරු පාඨමාලාවක් හැදෑරීමට ඉල්ලුම් කරනවනම් ඒකට අනිව රසායන විද්‍යාව කරල තියෙන්නම ඕනෙ.

ඒත් මන් නම් දකින විදියට අනාගතේ පරිගණක ක්ශේත්‍රයෙන් ඉදිරියට යන්න ඉන්න කෙනෙක් නම්, තමන්ට ඒ ගැන අවබෝධයක් වගේම යන්න මාර්ගයකුත් තියෙනවනන්, අවුරුදු දෙකක් රසායන විද්‍යාව ඉගෙන ගන්න වැය කරන එක කාලය නාස්ති කිරීමක්. පුද්ගලිකව මම දකින විදියට රජයේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ල පළමු උපාධිය නිදහස් අධ්‍යාපනය යටතේ නොමිලේම හදාරන්න පුලුවන් මට්ටමකට විහාගය සමත් වෙන්න මහන්සි වෙලා වැඩකරන්න බැරිනන් ඒ.ලෙවල් කරන එකත් කාලය නාස්ති කිරීමක්. නමුත් ඒ.ලෙවල් කිරීම තුලින් විශාල දැනුමක් වගේම විශාල අවස්ථා ප්‍රමාණයකුත් විවෘත වෙනව. ඊට අමතරව රජයේ රැකියාවකට යනවනන් ඒ.ලෙවල් කියන්නෙ අනිවාර්ය සාධකයක්.

තමන්ට අනාගත ඉලක්කයක් තියෙනවනන් උසස්පෙළ විශයක් විදියට තොරතුරු හා සන්නිවේදන තාක්ශණය හැදෑරීම හොද අඩිතාලමක් වගේම ගණිත හෝ වාණිජ අංශයෙන් විශය හදාරනවනන් රැකියා වෙළදපොළට අවතීර්ණ වෙද්දි ඒ සදහා හොදින් මුහුණදීමේ හැකියාවක් ලබා ගනන් පුලුවන්.

මේ විදියට ගණිත අංශයෙන් තොරතුරු තාක්ශණය හැදෑරීම තුලින් කරන්න පුලුවන් විශ්වවිද්‍යාල පාථමාලා,

35) පරිගණක විද්‍යාව (Computer Science)
36) තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය (Information & Communication Technology)
43) ප්‍රමාණ සමීක්‍ෂණය (ගොඩනැගිලි ආර්ථික විද්‍යාව) (Quantity Surveying (Building Economics))
44) මැනුම් විද්‍යාව (Surveying Science)
45) නගර හා ග්‍රාම නිර්මාණය (Town and Country Planning)
46) නිර්මිත පරිසරය/වාස්තු විද්‍යාව (ගොඩනැගිලි ආර්ථික විද්‍යාව) / මෝස්තර නිර්මාණ ශිල්පය (වාස්තු විද්‍යාව) (Architecture/Built Environment)/Design(Architecture)
47) විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය (Fashion Design and Product Development)
49) පහසුකම් කළමනාකරණය (Facilities Management)
54) ව්‍යාවසායකත්වය හා කළමණාකරණය (Entrepreneurship & Management)
58) කාර්මික තොරතුරු තාක්ශණය (Industrial Information Technology)

මේවට අමතරව තවත් පාථමාලා වගේම අනෙකුත් සියලුම විස්තරත් තවත් පැහැදිලිව චක්‍රලේඛණයෙන්ම බලාගන්න පුලුවන්.

Comments

  1. අයියෝ මචන් මේක මීට කලින් දැම්මනම් මටත් කරන්න තිබ්බා

    ReplyDelete
  2. @ගයාන්අයියෝ අපරාදෙ බන් :(

    ReplyDelete
  3. @පවිත්‍රඑල කිරි මචන්

    ReplyDelete
  4. කොමස් කරද්දි මේක කරන්න බැරිද?

    ReplyDelete
  5. "මේකට ප්‍රධාන වශයෙන්ම සිසුන් මෙවැනි විශයක් ගැන දැනුවත් නොවීමත්,විශය සදහා සිසුන් ඉදිරිපත් කිරීමට පාසල් වල ඇති අකමැත්තත් (සිසුන්ගේ ලකුණු අඩුවේයැයි යන මතය) මූලිකව බල පානවා "මූලිකම හේතුව මේක නෙමේ හසිත.ගොඩාක් නගරෙන් එපිට පාසල් වල මෙම විශයට අවශ්‍ය ගුරුවරු නැති වීමත්.දරුවන්ට පාසලේ පරිඝනකයට හා අන්තර්ජාල පහසුකමට පමනක් සීමා වී කටයුතු කරන්න සිදු වන බව මා අත්දැකීමෙන් දන්න දෙයක්.ඒත් මෙම ලිපිය කියවන වලට එන ඕනෙම කෙනෙක්ට මම කියන්නෙ පරිඝණකයට බය වෙන්න එපා.හුරු උනාම ඒක හොදම යාලුවෙක් කියලයි.අයි.ටී වල ඕනම පාසල් විශය නිර්දෙශයක් ගැන ගැටලු තිබ්බොත් මම උදව් කරන්න ලෑස්තියි.nipunadk@gmail.com(ඩී.කේ චාමින්ද නිපුන- දුරස්ථ අධ්‍යාපන නවීකරන වැඩසටහන DEMP-ICDL නියොජිත ගුරු උපදේශක 2009/2010)

    ReplyDelete
  6. අනිව අයියෙ ගොඩක් ළමයිට වඩා මේකට ගුරුවරුයි දෙමව්පියොයි බය...අනික ළමයි කැමති උනත් ඒ දෙගොල්ල හින්දත් මේක නොකර ඉන්නව.සම්පත් අඩු කමත් ලොකු පාඩුවක්බොහොම ස්තූතියි අයියෙ කමෙන්ට් එකට..ඒ වගේම ගැටලු වලට උදව් කරන්න ඉදිරිපත් වීම ගැනත් :)

    ReplyDelete
  7. පොස්ට් එක දැම්මට ගොඩක් ස්තූතියි.
    අපේ ඉස්කෝලෙන්ම ගණිත අංශයෙන් උසස්පෙලට ICT කරන්නෙ මම විතරයි.

    මේ පෝස්ට් එක කලින් තිබුණනනම් තව එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නව.
    අනාගතේ හරි ඒ දේ ඔයාගෙ පෝස්ට් එකෙන් වෙනස් වෙයිනෙ.

    ගොඩක් අය ICT කරන්නෙ වෙන විෂයක් නෑ කියල (මාත් එක්ක ICT කරන අනිත් දෙන්නම ඒක කරන්නෙ economics අමාරුයි කියල)

    ReplyDelete
  8. අපේ 4 දෙනෙක් මැත්ස් එක්ක ICT කරනවා.
    http://scr.im/budhajeewa වල තියන එඩ්‍රස් එකෙං පොඩ්ඩක් මාව කන්ටැක්ට් කරන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Android පිස්සුව සහ තවත් Phone කතා

අපිත් දැන් ෆුල් නිදහස්