FOSS is the new trend

තාමත් සමහර අය හිතන් ඉන්නෙ FOSS (Free and open source software) පාවිච්චි කරන්න ගීක්ල වෙන්න ඕන කියල. ඒත් ඇත්තටම බැලුවොත් FOSS නැතිනම් නිදහස් හා විවෘත මෘදුකාංග පාවිච්චි කරන එක හරිම සිම්පල් ප්ලෑන් එකක්.

දැන් තියෙන සෑම විවෘත මෘදුකාංගයක් වගේම සරල පරිශීලක අතුරු මුහුණත් පාවිච්චි වෙන හින්ද ඕනම මට්ටමක ඕනම කෙනෙක්ට තමන්ගෙ එදිනෙදා වැඩ වලට ඉතාම පහසුවෙන් විවෘත මෘදුකාංග යොදා ගන්න පුලුවන්. තමන්ට ටිකක් හරි තාක්ශණික දැනුමක් තියෙනවනම් මෘදුකාංගය කිසිම නීතිමය බලපෑමකින් තොරව කැමති විදියට වෙනස් කර ගන්න පුලුවන් වගේම ඒ වෙනස්කරපු මෘදුකාංගය යාලුවන් අතරෙ කිසිම අවුලක් නැතුව බෙදාහරින උනත් පුලුවන්. කොටින්ම කිව්වොත් විවෘත මෘදුකාංග වලදි පරිශීලකයට මෘදුකාංගයෙ පූර්ණ නිදහසම අත්විදීමේ හැකියාව ලැබෙනව.

තාමත් ගොඩ දෙනෙක් අතර තියෙන වැරදි මතයක් තමයි නිදහස් හා විවෘත මෘදුකාංග කියන්නෙ ලිනක්ස්(Linux) විතරයි කියන එක. ඒත් ලිනක්ස් කියන්නෙ නිදහසේ පාවිචිචි කරන්න පුලුවන්, තමන්ට කැමති විදියට වෙනස්කරගන්න වගේම කැමති විදියට බෙදාහරින්න පුලුවන් නිදහස් මෘදුකාංග ප්‍රජාවේ වැඩිම සහයක් ලබන ආරක්ශිත, අංග සම්පූර්ණ, විශිෂ්ට මෙහෙයුම් පද්ධතියක් (Operating System) විතරයි. ඒත් ඕනම කෙනෙක්ට ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් නැතුව ඇපල් මැක්(Apple Mac) හෝ මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් (Micro$oft Windows) මෙහෙයුම් පද්ධතියක උනත් ඉතා පහසුවෙන් තමන්ගෙ එදිනෙදා වැඩ වලට නිදහස් හා විවෘත මෘදුකාංග වල සහය ලබාගන්න පූලුවන්.

මේ වගේ නම්‍යශීලී හේතු නිසා මෘදුකාංග නිකන් කියල හිතාගෙන ක්‍රැක් කරපු හොර සොෆ්ට්වෙයා (software pirated copies) වලින් පරිගණකය පුරවගෙන හිටපු ගොඩක් දෙනා හොර බඩු අයින් කරල නිදහස් මෘදුකාංග පාවිච්චි කරන තැනට ඇවිල්ල තියෙනව. කොටින්ම දැන් ලංකාවෙත් FOSS කියන්නෙ අලුත්ම ට්‍රෙන්ඩ් එකක්.

ඉතින් මේ වගේ වටපිටාවක් තුල නිදහස් හා විවෘත මෘදුකාංග තවත් අපිට තවත් සමීප කරමින් FOSS User Magazine (නිදහස් හා විවෘත මෘදුකාංග ගැන කතාකරන ලංකාවෙ ප්‍රථම සගරාව) මංගල කලාපය ජුනි මාසෙ එළිදැක්වුනා. ඒ වගේම සෑම මාස 2කට වරක්ම සගරාවෙ අලුත් කලාපයක් එලිදැක්වෙනව.

සගරාවෙන් නිදහස් මෘදුකාංග ලෝකයේ අලුත්ම සිදුවීම්, අලුත් පුවත්, පාඩම්, මෘදුකාංග හදුන්වාදීම් වගේ විශාල අන්තර්ගතයන් ප්‍රමාණයක් නවමු ආරකින් ඉදිරිපත් කරල තිබීම විවෘත මෘදුකාංග ගැන නොදන්න කෙනෙක්ට උනත් මේ ගැන කුතුහලයක් ඇති කරන්න සමත් වෙන කාරණයක්.

සිංහල ඉන්ග්‍රීසි භාෂා දෙකෙන්ම විවෘත මෘදුකාංග ලෝකයට සම්භන්ධ ලිපි විශාල සංඛ්‍යාවක් ඇතුලත් වෙන නිසා සගරාව පරිශීලනය කරන නවකයෙක්ට උනත් මේ ශේත්‍රය සම්භන්ධයෙන් විශාල දැනුමක් ලබාගන්න පුලුවන් වගේම නිදහස් මෘදුකාංග වලට උනන්දුවක් දක්වන ඕනම කෙනෙක්ට සගරාවට දායක වෙලා FOSS ට්‍රෙන්ඩ් එක ලංකාව පුරාම පතුරවන්න උදව් වෙන්නත් පුලුවන්. පුදගලිකව මටත් මේ වගේ දේකට දායක වෙන්න ලැබිච්ච එක ඇත්තටම සතුටක්.

Comments

  1. සැවොම එක් වෙමූ - එකව නැගිටිමුමහා බලයක් - විහිදුවාලමූඅපේ රට හෙටඑකම එක FOSS පුරයක් එල එල , foss ට්‍රෙන්ඩ් එක ...

    ReplyDelete
  2. ජය වේවා!!!අපිත් එකෙන් ම සප් එක ඩෙනවා... :D

    ReplyDelete
  3. නියමයි. මාත් ට්‍රයක් දෙන්න ඕනෙ.

    ReplyDelete
  4. මෙන්න අපේ වැඩ! බලන්න.... ලංකාවටම හරියන FOSS එකතුව මෙතනින් ගන්න පුළුවන්!http://tharaka-lankanet.blogspot.com/2010/02/lankanetorg-linux-v2.htmlwww.lankanet.org

    ReplyDelete
  5. ඔව් හොර ඒවා දාගෙන ලෙඩ දාගන්නවාට වඩා එක අතකට මේ විදියත් හොදයි වගේ.

    ReplyDelete
  6. එල එල හසිත අයියෙ එල!ඔන්න මම උබුන්ටු උඩ ඉදගෙන _ 1 දැම්මා...."ජාතික _ බලකායේ මහා විප්ලවය"

    ReplyDelete
  7. ඔවු නිදහස් හා විවෘත මෘදුකාංග දැන් වේගයෙන් දියුනු වෙනවා විතරක් නෙවෙයි ජනප්‍රිය වෙනවා. මට මතකයි කොහෙද රටක් එයාලගෙම ලිනක්ස් පාදක කරගත් OS එකක් හදාගන අනිත්වා තහනම් කලා. ඒ වගේම තවත් රටක් එයාපෝට් එකම ලිනක්ස් පාදක කරගත් OS එකක් කලා. මම වැරදිද දන්නේ නෑ. කොහොම වුනත් මේක හොද වැඩක්..ආ අපි මේ සඟරාවට සගරාවට ලිපිවලින් දායක වෙනවනම් මොනවා ගැන ලියන්න වෙන්නේ කියලා දැනගන්න කැමතියි.

    ReplyDelete
  8. සගරාවෙ මාසික කලාප ටික තැපැලෙන් ගෙන්ව ගන්න ක්‍රමයක් ලෑස්ති කරොත් කොහොමද?

    ReplyDelete
  9. ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි@නිපුනඅයියෙ මේක pdf එකක් විදියට එන්නෙ...ඕනම කෙනෙක්ට නොමීලේම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් :)@ගීත්අනිව..නිදහස් මෘදුකාංග සම්භන්දව ඕනම දෙයක් ලියන්න පුලුවන්

    ReplyDelete
  10. මමත් ‍මේකට එකතුවෙන්න ඕන

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

උසස් පෙළට ICT කිරීම හා කැම්පස් යාම

Android පිස්සුව සහ තවත් Phone කතා

අපිත් දැන් ෆුල් නිදහස්