මගෙ හිත හරිම නපුරුයි කෙල්ලෙ

එදා යන්න තිබ්බෙ වෙන ගමනක්
ඔව්, වෙනමම ගමනක්
එහෙම ගියානම් අපි දෙන්නගෙම මතකයන්
මේ තරම්ම දුක්බර නොවෙන්න තිබ්බ
ඒත් අපි ගියා, ඔව් අපි හිතුවත්, නොහිතපු විදියකට ගියා
ඔයා අඩපු කදුලු වල ගණකම.. හ්ම්ම්
ඒ කදුලුවලින් ඔයා ඇහුවෙ අපි කරන දේ තේරුම
මම දන්නව මම හොද මිනිහෙක් නෙමෙයි කියල
ඒත් මම නරක මිනිහෙකුත් නෙමෙයි කියල ඔයත් දන්නව
අපි දෙන්නම එදා ඒ වින්ද සතුට
දෙන්නට දෙන්න ලෝකෙට හොරෙන් වින්ද ආදරය
මම දන්නව ඒ ආදරය නෙමෙයි කියල
මම ආදරය කරන්න දන්න කෙනෙකුත් නෙමෙයි කියල
හැබැයි ඔයා, ඔයා මුලු හදවතින්ම කලේ ආදරේ
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ ආදරේ.

Comments

Popular posts from this blog

උසස් පෙළට ICT කිරීම හා කැම්පස් යාම

Android පිස්සුව සහ තවත් Phone කතා

FOSS for windows