අදට මාස හතරක්

මෙහ්,මන් වොශ් එකක් අරන් එන්නම්
අපෝ එපා ගද ගගහ ඉන්නවකො ඔහොම


ඔයා දිය වෙනවද ලමයෝ?


මන් ආවා
ඔයා කෝ අයියේ?
මෙච්චර වෙලා මොනවද අහ් කලේ? දියවුනාද?
නෑව අනේ ඉතින්, ඔයා කෑවද?
කෝ ඔයා?
ඉන්නව
ඔයා කෑවද අයියෙ?
තාම නෑ අනේ ඔයා එනකන් හිටියෙ
කමුකො එහෙනම්
අපෝ කන්නනම් බෑ අනේ, ඔයා කවනවනම් විතරක් කන්නම්
හරි ඉතින් බෙදන් එනවකො මැට්ටො
මෙහ් ඒක නෙමේ දැන් සනීපද ලමයට?
ටිකක් හොදයි අනේ.. කැස්සනන් තියෙනව් තාම
අපොයි එහෙනන් ඔයා කවල මටත් උණ හැදෙයිද දන්නෙ නෑ නෙහ්
එහෙම නෑ ඉතින්
එහෙනන් ඊයෙ කිව්වෙ අතේ තම හැම විසබීජයක්ම තියෙන්නෙ කියල
ඉතින් මැට්ටො අත හෝදලනෙ කවන්නෙ
හාකො හාකො මැට්ටියෙ.. මන් ටින් ගාල බෙදන් එන්නම්
ලමයෝ
කෝ ආ කියන්න ඉතින්
ආ...
මෙන්න රසම රස කටක්
ම්ම් රසායි
කෝ තාම කනවද ඉතින්?


නිදිද ලමයෝ?
තාම නෑ
අද නිකන් මැසේජ් කරන්න හරියට තරහින් වගේනෙ අහ්
අනේ එහෙම නෑ
හ්ම්ම්..
අනේ මට අමාරුයි අනේ.. ඒක නිසා ඔයාට එහෙම හිතෙනව ඇති
හ්ම්ම්..
ඇයි අනේ හ්ම්ම්?
නිකන් ඉතින්
අපෝ ඇයි මැට්ටො නිකන් ඉන්නෙ ඇදුමක් දාගන්නකො
බෑ අනේ ඇදුම් සේරම හෝදල
කවුද හේදුවෙ?
තාත්ත අනේ
ඇයි ඔයා බලන් හිටියද?
නෑ ඉතින් එයා තමා හෝදන්නෙ
පව් නේද?
නැතුව ඉතින් මම හෝදන්න දන්නෙ නෑනෙ
ඇත්තටම දන්නෙ නැද්ද?
ඉතින් අනේ මන් කවදාවත් හෝදල නෑනෙ
මෙහෙමයි, අඩු ගානෙ ඇදුමකට සබන් ගාන්නවත් දන්නෙ නැද්ද?
ඉතින් ගාල නෑනෙ කවදාවත්
හැම ඇදුමක්ම හෝදන්නෙ තාත්තද?
හ්ම්ම්, අම්මත් හෝදනව ඒත් තාත්ත තමා සෙනසුරාදට මගෙ රෙදි ලොට් එකම හෝදන්නෙ
දැන් ඉතකොට ලොකු උනාම කවුද හෝදන්නෙ?
ඇයි අනේ ඔයා ඉන්නෙ
අහ් මාව ගන්නෙ රෙදි හෝදන්නද?
ඔව්නෙ තව කෑම උයන්නත් ඕනි, හෝදන රෙදි අයන් කරන්නත් ඕනි, මන් මහන්සිවෙලා ගෙඩර එද්දි කිරි එකක් හදල දෙන්නත් ඕනි.
අනේ මේ මම?
නැතුව මමයැ අහ්
අනේ මන් පව්නෙ
නෑනෙ චුට්ටක්වත් පව් නෑ
අහ් එහෙනන් මන් පව් කියල හිතන කෙනෙක් හොයා ගන්න වෙයි වගේ
හොයා ගන්න එකනෙ ඇත්තෙ!
ඔව් ඉතින් ඔයා හදන්නෙ මාව වැඩ කාරියෙක් කර ගන්නනෙ
ඕව කරන එක හරි වැඩකාරකමනෙ නෙහ්
අහ් හරි මන් ඒව කරන්න ඔයා මොනවද මට කරල දෙන්නෙ?
මොකටද මගෙන් අහන්නෙ අහ්? ඔයා හොයාගන්නව කිව්ව කෙනාගෙන් අහගන්නවකො
ඉතින් මන් එයාව හොයාගෙනනෙ ඉන්නෙ
එහෙනන් ඉතින් එයාගෙන් අහගන්නව!
එයා තමා ඉතින් ඔයා
මොන බොරුද! ඔන්න දුවේ පොළව පැලෙන්න වගේ
අහ් ඒ කියන්නෙ දැන් මන් ඔයාගෙ නෙමෙද?
නැතුව අල්ලපු ගෙදර අයියගෙ කියල හිතුවද අහ්!


අයියෙ
ලමයෝ... නිදිද?
අනේ නැගිටින්නකො උදේ වෙලා
මෙහ් අදට මාස හතරයි
ආආආආආආආආආඅව්
අම්මෝ ඔහොමත් නිදා ගන්නවද අහ්?
අම්ම අනේ ඇහැරෙව්වෙ, නැත්තන් තාමත් හොදට නිදි
හරි ශෝක් මේ ළමයනන්
මෙහ් අද මොකුත් ස්පෙශල් නැද්ද ඉතින්?
ම්ම්ම් මොනාද ඉතින් කරන්නෙ, කපමුද කේක් එකක්?
කපමුකො ඉතින්, පුංචි පැලයක් වගේ තියෙන අපේ මේ ආදරේ දවසින් දවස ලොකු වෙලා ලොකු රූස්ස ගහක් වෙච්හ් දවසට, ම්ම්ම්
ඔව් ලොකු ගහක් වෙයි
ම්ම් එදාටනන් මාව දාල යන්න හිතන්නවත් එපා හරීරී
දාල යන්න හිතන්න එපා කියන්නෙ කවුද කිව්වෙ දැන් දාල යනව කියල?
කවුද දන්නෙ ලස්සන කොල්ලෙක් එක්ක ගියොත්
ඔයාව දාල කොහෙ යන්නද අනේ මන්
හ්ම්ම්.. යන්නෙ නැත්තන් ඉතින් හොදයි.

Comments

  1. සුබ පැතුම් මල්ලියෝ.... හැමදාම සතුටින් ඉන්න ලැබේවා..! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අක්කියො. මේක මේ ඇත්තක් නෙමේ හරී :P

      Delete
  2. සහෝ.....මේ කතාව බොරු කතාවක් කියලා ඔබතුමා කිව්වත් මට හිතෙන්නෙ මේක ඇත්ත කතාවක් කියලා...........:|

    ReplyDelete
    Replies
    1. නෑ මචන්. මෙහෙම අතීතයක්නන් තිබ්බ, ඒත් වර්තමානයක්වත් අනාගතයක්වත් නෑ. මේක අතීතයක්ම විතරයි.

      Delete
  3. Replies
    1. හෙහේ ඒ මොකද අක්කෙ :P මේක මේ කතාවක් විතරක් අනේ. "අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ"

      Delete
  4. හා හාපුරා කියලා ලියවෙන blog එකක්ද මේක ??

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට

      Delete
  5. මේක දකිනකොට මගේ හිතත් කීං කීං ගානවා !!! :පී

    ReplyDelete
    Replies
    1. උබේ N ව මතක් උනා නේ ආහ් :P

      Delete
  6. දිගටම ලියපන් ලබන මාසෙන් පස්සේ ! ජයවේවා !!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන්. ලබනමාසෙ වෙනකන් ඉන්න දෙයක් නෑ බන්, මන් මේ පාර නෙමේ කරන්නෙ :-)

      Delete
  7. අඩෝ.... මේ මොකද වෙන්නෙ////

    ReplyDelete
  8. උබ ඔහොම කිවුවට හිතෙන්නෙම ඕක ඇත්ත කතාවක් කියලා බන්!

    ReplyDelete
    Replies
    1. නෑ බන්. මෙහෙම දෙයක් තිබුනත් ඒ දේවල් මතකයක් විතරයි.

      Delete
  9. Nikila (නිඛිල)July 22, 2015 at 11:01 PM

    සිරා සිරා ඔහොම යමු මගේ සුභපෑතුම්!!!!

    ReplyDelete
  10. අම්මෙහ්.. පැණි බේරෙනවා.. උබව අල්ල ගන්නම්කෝ මාස හතර සමරන්න වෙලාවක..

    මේ.. දිගටම ලියපං ඈ..😘

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

උසස් පෙළට ICT කිරීම හා කැම්පස් යාම

Android පිස්සුව සහ තවත් Phone කතා

FOSS for windows