ඔයා යන්නම ගිහින් නිසා
ඇස් දෙක දිහා බලන් ආදරෙයි නොකියද්දි හිතුවෙ ඒ ඔයාගෙ හැටි කියල ආදරේ වෙනුවෙන් හැමෝම කැපකිරීම් කරද්දි ඔයා එහෙම නොකලත් මන් ඔයාට ආදරේ කලා ඒ ආදරේ තරමටම මන් ඔයාව විශ්වාස කලේ මගෙ ආදරේ ඔයාව වෙනස් කලා කියල හිතපු නිසා ඒ විශ්වාසය දවසින් දවස ඔයාට මාව ලං කලා නොහිතපු තරම් ලං වෙලා මටත් වඩා මන් ඔයාට අවංක වෙද්දි ඔයා නැතුව ඉන්න බැරි තරමටම මට ඔයාව ඕන වෙද්දි හීනෙන්වත් හිතුවෙ නෑ ඔයා මට විහිලුවටවත් බොරු කරයි කියල ඒත් මම වැරදියි කියල හිතෙද්දි දැන්නෙනෙ දුකක්ම නෙමේ එකම එක කාලකන්නි හැගීමක් විතරයි ඒ මගෙ හිත දැන් ගලක් කරල ඔයා යන්නම ගිහින් නිසා